පුවත්

කෞතුක භාණ්ඩ 7,157ක් අතුරුදන්

Published

on

මෙරටට නිදහස ලැබිමටත් පෙර (1877 සිට 1957) දක්වා ඉකුත් වසර අසුවක කාලය තුලදි  කෞතුක භාණ්ඩ වර්ග  07කට අයත්  භාණ්ඩ 7157ක්  අස්ථානගත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

 2022 වර්ෂයට අදාළව සිදුකරණු ලැබු කෞතුක භාණ්ඩ සමික්ෂණ වාර්තාවට අනුව  1877  සිට 1957 දක්වා කාලය තුලදි  මෙකි කෞතුක භාණ්ඩ අස්ථානගත වි ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකි කෞතුක භාණ්ඩ අස්ථානගත විම සම්බන්දයෙන්  මුදල් රේගුලාසි ප්‍රකාරව කටයුතු කර  නොතිබු  බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම කෞතුක භාණ්ඩ භාරකාරිත්වය  හා ආරක්ෂාකිරිම සම්බන්ද ගැටළු .එවාට අදාල ලිපිගොනු විධිමත්ව  පවත්වා නොගැනිම, නිලධාරින් වෙනස්විමේ දි භාණ්ඩ භාරකාරිත්වය  නිසි පරිදි නොපැවරිම  ආදි දේපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලනයේ  දුර්වලතා මේ සදහා හේතුවි ඇති බැව්  විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

මෙම තොරතුරු  සදහන්ව ඇත්තේ  ජාතික  කෞතුකාගාර දේපාර්තමේන්තුවේ 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට  ඇති  විගණන වාර්තාවේය.

Trending

Exit mobile version