ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත භාර දී ඇතැයි වාර්තා වේ.
නවරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ කවුන්සිලය ඒකමතිකව පසුගිය අගෝස්තු 30 වැනිදා තීරණය කර තිබුණි.