Connect with us

පුවත්

කෞෂල්‍ය නවරත්න නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණයක්!

Published

on

ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටිමේ යෝජනාවක් අද (31) සම්මත වී තිබේ.

මෙම ඒකමති යෝජනාව සම්මත වූයේ අද  රැස්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ මණ්ඩල රැස්වීමේදීය.

එම රැස්වීමේදී තීරණය වී ඇත්තේ නීතිඥ සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප සභාපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත් කිරීමටයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත් කරන ලද විශේෂ කමිටුවක් විසින් ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතරවු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් නිකුත් කළේ ය.

එම වාර්තාවෙන් අනාවරණය වූයේ ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා අදාළ ගනුදෙනුවලදී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවයි.

එම ගනුදෙනුවලදී  කොන්ත්‍රාත් කටයුතු සහ පර්යේෂකයින් තෝරා පත් කර ගැනීමේ කාර්යය කෞෂල්‍ය නවරත්න මහතාට පැවරී තිබිණි.

ඔහු මෙම කටයුත්තේදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇතැයි වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහිදී නීතිඥ අමිල පල්ලියගේ මහතා විසින් තවත් යෝජනාවක් කරමින් නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත්වීම සදහා අවම වශයෙන් විසිපස් වසරක් නීතිඥ වෘත්තියේ නියැලී සිටියයුතු ලෙසට සංගමයේ ව්‍යවස්ථවට සංශෝධනයක් ගෙන ආ යුතු බවට යෝජනාවක් ගෙනඒම විශේෂිතය.

එහිදී අදාළ යෝජනාව සම්බන්ධයෙන් සාමාජික අදහස් හා යෝජනා සලකා බලා ඒ පිළිබද සුදුසු තීරණ ගැනීමට එය සංගමයේ ව්‍යවස්ථා සංශෝධන කමිටුව වෙත යොමු කිරීමට ද තීරණය වී තිබේ.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved