පුවත්

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වේ

Published

on

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ඊයේ (03) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදී ඇත.

අමාත්‍යවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හා වෙනත් වෘත්තිමය වගකීම් හේතුවෙන් සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවයි.

එමෙන්ම සිය ඉල්ලීම මත, මාස 14කට පෙර ඉතා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Trending

Exit mobile version