ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම යටතේ රජයට අයත් වෙනම ආයතනයක් පිහිටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනය කර සිටී.
ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය X ගිණුමෙහි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධනවල ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩුකිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ඉහළ නැංවීම වෙනුවෙන් මෙම ආයතනය පිහිටුවන බවයි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක පිරිස සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වාදෙනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.
මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (25) දිනයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ පිරිපහදුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග පවත්වා තිබේ.