පුවත්

ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින පිරිසට අනතුරු අඟවයි

Published

on

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අධික තීව්‍රතාවයක් සහිත වර්ෂාපතන තත්ත්වයන් සමඟ නගරාශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානම ද අධික බවය.

වර්ෂාවේ තීව්‍රතාවය හා ප්‍රමාණය මත ගංවතුර තත්ත්වයේ ප්‍රබලතාවය හා අවදානම රඳාපවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත්කර ඇති නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (18) පස්වරු 4.00 දක්වා දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ‌ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

මේ අතර අධික වර්ෂාපතනයත් සමග ගල් සහ පස් කඳු කඩාවැටීමට ඇති අවදානම හේතුවෙන් ඊයේ (17) රාත්‍රි 8.00 සිට තාවකාලිකව වසා දැමුණු  ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය  අද උදෑසන 06.00 සිට යළි විවෘත කර තිබේ.

Trending

Exit mobile version