Connect with us

පුවත්

ගංජා රොටි කවා අරක්කු පොවා තරුණියක් කෙළෙසූ පූජකයා අල්ලයි

Published

on

ගංජා මිශ්‍ර රොටියක් කන්නට දී මත්පැන් පොවා 20 හැවිරිදි තරුණියක මත් කර දූෂණය කළ කෝවිල පූජකයකු ඔඩ්ඩුසුඩාන් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සුරනගර්හි පදිංචිකරුවකු වන 33 හැවිරිදි අයෙකි.

මේ පූජකයා විසින් දූෂණය කර ඇත්තේ යාපනය පූතූර්හි පදිංචි තරුණියකවය.

පොලිසිය පවසන පරිදි මේ තරුණිය ඇයගේ ඥාතීන් සමඟ පසුගිය දිනක කෝවිලේ පූජාවකට ගොස් ඇති අතර, පූජකවරයා එහිදී තරුණියගේ ඥාතීන්ට පවසා ඇත්තේ ඇයගේ සිරුර තුළ දොස් සහ රෝග ඇති බවයි. 

ඒවාට ප්‍රතිකාර ක්‍රමයක් තමා සතුව ඇති බව කියමින් ඇයට නොමිලයේම එම ප්‍රතිකාරය කිරීමට කැමැත්ත පළ කර තිබේ. 

ඒ අනුව ඉකුත් 16 වැනිදා ඇයට ප්‍රතිකාර කරන්නට මේ පූජකයා කෝවිල සමීපයේ පිහිටි තරුණියගේ ඥාති නිවෙසට පැමිණ ඇත. 

එහි කාමරයක්ද වෙන් කරගෙන පූජකවරයා සිය ප්‍රතිකාර ක්‍රමය පටන්ගෙන ඇත්තේ ගංජා මිශ්‍ර රොටිය ඇයට කන්නට දී මත්පැන් පොවාය. 

පූජකවරයා තරුණිය දූෂණය කිරීමට පෙර ඇයගේ ඥාතීන්ට පවසා ඇත්තේ කුමන ශබ්දයක් කාමරයෙන් ඇසුණත් කාමරයට නොපැමිණෙන ලෙසය. 

ඒ අනුව ඇය කෑගසා ඇතත් කිසිවකුත් ඒ ගැන උනන්දුවක් දක්වා නැති අතර, ඒ අය සිතා ඇත්තේ සිරුරේ ඇති දොස් දුරු කරන විට ඇය එසේ කෑගසන බවයි. 

මේ අතර, අපරාධයට ආධාර හා අනුබල දීමේ වරදට දූෂණයට ලක් වූ තරුණියගේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.

පුවත්

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Published

on

By

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ 20000 ක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 80000 කි.

Continue Reading

පුවත්

දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

Published

on

By

දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) එම ස්ථානයේ නතර කෙරිණි.

ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගය.

එම අවස්ථාවේ දුම්රිය  මාර්ගය තාවකාලික වසා දමා දැමුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.

එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

අද (06) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති වේ.  

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved