Connect with us

පුවත්

ගංවතුරට හසුවූ ආහාර ද්‍රව්‍ය විකුණනවාද?

Published

on

ගංවතුරට හසු වු ආහාර පාරිභෝගිකයින්ට අලෙවි කරන වෙළෙඳසැල් ඇත්නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුම්වත් කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ පසුගිය සමයේ එවැනි සිදුවිම් වාර්තා වු බවය.

මේ අතර, පාරිභෝගිකයින්ට ලබාදෙන ආහාර නිසි ප්‍රමිතියකට තබා නොගතහොත් නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා සදහන් කළේය.

“කුඩා මට්ටමින් ආහාර සැකසුම් කරන ආයතනවල අපි දකිනවා මේ සම්බන්ධයෙන් තියෙන උනන්දුව මදි කියලා. හොඳම දේ තමයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් අවශ්‍ය උපදෙස්  ලබා ගෙන කටයුතු කිරීම. ඒ ආහාර සැකසුම් ආයතන හරියට පවත්වාගෙන ගියේ නැත්නම් එය ආහාර පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්.”

පුවත්

සජිත්ගේ කතාවෙන් පසු රැස්වීමේ සෙනඟ නැඟිට යති (වීඩියෝ)

Published

on

By

සමගි ජන බලවේගය විසින් ඊයේ (01) සංවිධානය කරන ලද තලවකැලේ පැවති මැයි දින රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව ඇමතීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව ඉවත්ව යෑම නිසා කෙටි වේලාවකින් රැස්වීම හමාර කරන්නට සිදුව ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම මැයි රැලිය ඇමතීමෙන් අනතුරුව තවත් රැස්වීමකට සහභාගි වීමට ඇති බව කියමින් එම රැස්වීමෙන් ඉවත්ව යෑමත් සමඟ රැස්ව සිටි ජනතාව විශාල සංඛ්‍යාවක්  රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ජනතාව රැස්වීමේ නතර කරගැනීමට විශාල උත්සාහයක් දැරුවත් එය සාර්ථක නොවීම නිසා කෙටි වේලාවකින් රැස්වීමේ වැඩ කටයුතු හමාර කොට තිබේ.

වීඩියෝ – NEWS 1st

Continue Reading

පුවත්

මැයි දිනයට පැමිණි මාලිමා බස් අධිවේගයේ තැන තැන නවත්වා කෑම කයි

Published

on

By

ජාතික ජනබලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී ඊයේ පවත්වන ලද මැයි දින සමරුමට සහභාගි වූ ආධාරකරුවන් රැගෙන පැමිණි බස් රථ අධිවේගී මාර්ගයන්හි නවත්වා ආහාර ගන්නා වීඩියෝ රැසක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

අධිවේගී මාර්ගයන්හි වාහන නතර කිරීමට හා ඒවායෙන් බැසීමට අවසර නොලැබෙන නමුත් ඊයේ දිනයේ එම නීතිය උල්ලංඝනය වී ඇත.

ඇතැම් ස්ථානයන්හි අධිවේගීමේ රථවාහන පොලිස් නිලධාරින්ද ඒ අවටම සිටිනු දක්නට ලැබේ.

බස් රථ රැසක්ම මේ ආකාරයෙන් අධිවේගී මාර්ගය අසල නවතා ආහාර ගනු එකී වීඩියෝවන්හි දැක්වේ.

Continue Reading

පුවත්

පුද්ගලික ආරක්ෂක නිලධාරී මාරුවීම ගැන හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අත්අඩංගුවේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට දුරකතන ඇමතුමක් ලබාදීමට උත්සාහ කළේ ඔහුට එල්ල වී ඇති චෝදනා දැන ගැනීමට බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම ඇමතුම සඳහා නියමිත ක්‍රමවේදය අනුගමනය කළ බව රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය එම නිවේදනය මගින් සඳහන් කර ඇත.

චන්ද්‍රකාන්තන් මහතා පොලිස් අත්අඩංගුවේ බව ඔහුගේ කාර්යාලය හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණත්, චෝදනා පිළිබඳ තොරතුරු නොදැන සිටි බවත්, එම තොරතුරු ලබා ගැනීමට චන්ද්‍රකාන්තන්ගේ පාර්ශවය වික්‍රමසිංහ මහතාගේ සහාය ඉල්ලා තිබූ බවත් එම නිවේශන්යේ දැක්වේ.

චන්ද්‍රකාන්තන් මහතාගේ ආරක්ෂක අංශය විසින් රහස් පොලිසියේ C.I. මාධව අදාළ සම්බන්ධීකරණය ඇතිකර ගත හැකි බව දැනුම් දී ඇති අතර, ඒ අනුව රනිල් වික්‍රමසිංහ තම ආරක්ෂක නිලධාරියාට එම නිලධාරියාගෙන් අවස්ථාවක් ඉල්ලන ලෙස උපදෙස් දී ඇත.

පොලිසියට දුරකතන ඇමතුමක් ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය විට, එය පොලිස් ආරක්ෂක තොරතුරු අංශය හරහා සිදු කිරීම සිරිත බවත්, අත්අඩංගුවේ සිටින පුද්ගලයෙකු සමග කතා කිරීමට ඇමතුමට අවසර ඇත්දැයි තහවුරු කිරීම පළමුව සිදු කරන බවත් කාර්යාලය පවසයි.

මෙම අවස්ථාවේදී වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශය රහස් පොලිස් නිලධාරියාට ඇමතුමක් ලබා දුන් අතර, ඔහු සී.අයි.ඩී. අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව දැනුම් දී ඇත.

සී.අයි.ඩී. අධ්‍යක්ෂවරයා, අඛණ්ඩ විමර්ශනයක් හේතුවෙන් ඇමතුම සම්බන්ධ කළ නොහැකි බව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට දැනුම් දී ඇත.

මෙම උත්සාහය හේතුවෙන් රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බව පොලිස් නිවේදනයක සඳහන් වන බවත්, ආරක්ෂක නිලධාරියෙකු මාරු කිරීමට පෙර අදාළ ප්‍රභූවරයාට කල්තියා දැනුම් දීම සිරිත බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved