පුවත්

ගංවතුරට හසු වී මිය ගිය කුකුළන් අලෙවි කිරීමේ ජාවාරමක්

Published

on

කුකුළු මස් මිලදී ගැනීමේ දී මේ දිනවල වැඩි අවධානයක් යොමුකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කළේ, ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ගංවතුරට හසුවී මියගිය කුකුළන් වෙළෙඳපොළ තුළ මේ දිනවල අලෙවි කිරීම සිදුවන බවය.

එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බැවින් ඒ පිළිබඳව වැඩි අවදානයක් යොමුකළ යුතු බව සංජය ඉරසිංහ මහතා පවසයි.

“ගංවතුරට අහුවෙලා මියගිය කුකුළන්ව සුද්ද කරලා, පැකට් කරලා විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබිලා තියෙනවා. අපි මේ ගැන මේ දවස් ටිකේම සුපරික්ෂාවෙන් හිටියා. වැටලීම් කරා. දිවයින පුරාම මේක කරනවා. ඔබත් කුකුළු මස් ගැනීමේ දී මේ ගැන පරීක්ෂා කර බලන්න. විශේෂයෙන්ම මසට ඇති කරන කුකුළන් සුදු පාටයි. මේ කුකුළන් රතු පාටට හුරුයි. මේක කොච්චර උෂ්ණත්වයට තැම්බුවත් විෂබීජ මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ගැන තොරතුරක් තිබුණොත් වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දෙන්න.”

“කැලණි ගඟ ආශ්‍රිතව තමා ගොඩාක් ගබඩා තියෙන්නේ. ගංවතුරට අහුවුණ තැන් තියෙනවා නම් ගොඩක් අඩු මුදලට ඔන්ලයින් භාණ්ඩ ගෙනත් දෙනවා කියලා දැන්වීම් දාලා ඇති යූටියුබ් සහ ෆේස්බුක්වල. මේවට අහුවෙන්න එපා. මේවා පරිභෝජනයට සුදානම් කරපුවා නෙමෙයි. 1977ට කරුණාකරලා මෙහෙම ඒවා දැනුම්දෙන්න.”

Trending

Exit mobile version