පුවත්

ගං වතුර පාලන කටයුතු වලට ඉන්ධන ගන්න QR අවශ්‍ය නෑ – ප්‍රසන්න රණතුංග

Published

on

කොළඹ හා ගම්පහ ගංවතුර පාලනය කිරිමේ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන QR ක්‍රමවේදයෙන් බැහැරව ලබාදීමට තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශයේ එකඟතාව පලවූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව කොළඹ හා ගම්පහ ගංවතුර පාලනය සඳහා ජලය බැස යා හැකි පරිදි කඩිනමින් ඇලවේලි ශුද්ධ පවිත්‍ර කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, නැවත ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර මෙම කාර්යය අවසන් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Trending

Exit mobile version