Connect with us

පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුගේ නම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක්

Published

on

පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුගේ නම මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් ලෙස ප්‍රකාශ කිරීම තුළින් එම නම් සඳහන් තැනැත්තාගේ පවුලේ සාමාජිකයින්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ සහෝදරයෙකු විසින් මෙම මෝසම ගොනුකර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නොවන බව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා මහතා සඳහන් කලේය.

මේ හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ පවුලේ ඥාතීන්ට නීතිමය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන්ද ගැටලු රැසකට මුහුණපෑමට සිදුවී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පසු එම ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස නීතිඥවරුන්ට දැනුම් දුන්නාය.

පුවත්

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

Published

on

By

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන්ය.

Continue Reading

පුවත්

විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­ම (සජීවී විකාශය)

Published

on

By

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය පරිදි අද (30) දින පාර්ලි­මේ­න්තුවේ විශේෂ රැස්වී­මක් පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද මෙලෙස පාර්ලිමේන්තුව කැඳවා ඇත.

රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලි­මේ­න්තුව මෙලෙස රැස්වී­ තිබේ.

මීට අදා­ළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැ­බීමේ විවා­දය අද සවස 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

සභාව කල්තැ­බීමේ මෙම විවා­ද­යෙන් පසුව පාර්ලි­මේ­න්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දින­වල රැස්වී­මට නිය­මිතය.

අද දින පාර්ලිමේන්තුවේ සජීවි විකාශය ,

Continue Reading

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved