පුවත්

ගණේමුල්ල සංජීව රක්ෂිත බන්ධනාගාරයට

Published

on

වීරගුල පොලිසිය භාරයේ මාස 09ක් රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන සංජීව කුමාර නොහොත් ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය විසින් අද (10) නියෝග කළාය.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දා අත්අඩංගුවට ගනු ලැබීය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ගණේමුල්ලේ සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පසුව පොලීසිය අවසර ලබාගත්තේය.

Trending

Exit mobile version