Connect with us

පුවත්

ගතවූ මාස දෙකේ ස්මාර්ට් ෆෝන් 8422ක් හොරු උස්සලා

Published

on

මේ වසරේ පළමු මාස දෙකක කාලය තුළ මෙරට තුළ ස්මාර්ට් ජංගම දුරකතන අටදහස් හාරසිය විසි දෙකක් නැතිවී තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. 

2018 දෙසැම්බර් 31 වැනිදා සිට අස්ථානගත වූ දුරකතන යළි සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මගින් මාර්ගගත ක්‍රමයක් හදුනාවාදී තිබේ. 

එම ක්‍රමවේදය ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමුව ඇති සමස්ත පැමණිලි ගණන එක්ලක්ෂ තිස්හතර දහස් හාරසිය පනස් එකකි.

2019 වසරේදී දුරකතන හතලිස් දහස් එකසිය හැට හතකුත්, 2020 වසරේදී දුරකතන දොළොස්දහස් පන්සිය හැටහතකුත්, 2021 වසරේදී දුරකතන විසිහත් දහස් නවසිය තිස් තුනකුත් සොරකම් වලට සහ නැතිවීමට ලක්ව තිබේ.

කෙසේ වෙතත් නැතිවූ දුරකතන සොයා දීම පිළීබද වාර්තා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නොමැති බවත් ඒ දුරකතන පිළිබද වාර්තා පැමිණිලි යොමුවන පොලිස් ස්ථාන වෙතම යොමුකරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මහජන පැමිණිලි අධ්‍යක්ෂිකා මේනකා පතිරණ මහත්මිය මාධ්‍යට පවසා ඇත.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved