රජයෙන් මත්පැන් බලපත්‍ර (බාර් ලයිසන්) ගත්‍තේ යැයි කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පක්ෂ නායකයන් වහාම එම බලපත්‍ර රජයට නැවත බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන් කිසිවකුත් මත්පැන් බලපත්‍ර මෙතෙක් රජයට යළි බාරදී නැතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.
මේ අතර බදුල්ල රිදීමාලියද්ද මත්පැන් අලෙවිසල් හයක් විවෘත කිරීමට රජය බලපත්‍ර මෑතක දී ලබාදී ඇතැයි එම ප්‍රදේශයේ නායක හිමිවරු පිරිසක් චෝදනා කරති.
මින් එක් බලපත්‍රයක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරිඳගේ නමට ලබාගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ සම්බන්ධයෙන් එම නායක හිමිවරු සහ සිවිල් සංවිධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකවම හමුවී පැමිණිලි කර ඇත. මේ අනුව විපක්ෂ නායකවරයා එම මත්පැන් බලපත්‍රය වහාම රජයට නැවත බාරදෙන ලෙස එම මන්ත්‍රීවරයාට දැනුම්දී ඇතත් ඔහු ද ඊට ඇහුම්කන්දී නැතැයි වාර්තා වේ.
අලුතින් මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සම්බන්ධයෙන් බදුල්ල රිදීමාලියද්දේ ජනතාව රජයට ද දැඩි ලෙස විරෝධය පළකර ඇත. මේ අතර මැතිවරණ ප්‍රකාශයට පත්වී ඇති මේ වකවානුවේදී අලුතෙන් නිකුත් කෙරුණු සියලුම මත්පැන් බලපත්‍ර තම රජයක් යටතේ අහෝසි කරන බවත් එම බලපත්‍ර නිකුත් කළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
(ලංකාදීප )