පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ අද (21) නියෝග කර තිබේ.
ඒ දෙසැම්බර් 23 – 29 ත් අතර කාලය තුළ ඉන්දියාවේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා එක්වීම සඳහා මෙම සහනය ලබාදෙන ලෙස මන්ත්‍රීවරයාගේ නීතිඥවරයන් ඉල්ලා තිබුණි.
මෙම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගිකරගෙන ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්මන්පිල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.