හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරිපත් කළ ඒ.එන්.ජේ.ද අල්විස් කමිටු වාර්තාවේ නිර්දේශ නොපිළිගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසයි.
අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයකින් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නව පරීක්ෂණයක් ආරම්භ කරන බවය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය දියත් කල පිරිස මෙන්ම පාස්කු ප්‍රහාරය දැනගෙන එය වලක්වා ගැනීමට ක්‍රියාත්මක නොවූ පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී පරික්ෂණ සිදු කර පියවර ගන්නා බවය.