ගල්කිස්ස ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි
අද (31) සවස නිවසක් තුළදී තියුණු ආයුධවලින් පහරදී අදාළ ඝාතනය සිදුවී ඇති බවට 119 හදිසි ඇමතුම් අංකය වෙත ලැබී තිබූ තොරතුරක් අනුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 50 හැවිරිදි ගල්කිස්ස පිටත සේරම් පාර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවත්, ඔහු එම නිවසේ තනිව ජීවත්වූ අයෙකු බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකව පවතියි.