පුවත්

ගල්කිස්සේ වෙඩි තැබීමක් අයෙක් මරුට!

Published

on

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේ අද (07) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, නිවසේ රැඳී සිටි දෙදෙනෙක් ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැදීමෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද අලුයම 4.35ට පමණ වෙඩි තැබීම සිදුව ඇති අතර නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙක් විසින් යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Trending

Exit mobile version