පුවත්

ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයේ ගින්නක්

Published

on

ගල්කිස්ස කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගොඩනැගිල්ලේ පහත මහලේ පිහිටි පොලිස් අධිකාරී කාර්යාලයේ හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසකට හානි සිදුවී තිබේ.

ගින්න හටගන්නා අවස්ථාවේදී පොලිස් අධිකාරි රොහන් පුෂ්පකුමාර මහතා කාර්යාලය තුළ සිට නැති බව වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, සිදු වූ ගින්නෙන් පරිගණක, ලිපිගොනු සහ දේපළ රැසකට හානි සිදුවී ඇති බවය.

ගින්නත් සමගම වහා ක්‍රියාත්මක වූ යාබද කාර්යාලයේ නිලධාරීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නිලධාරීන්ට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ පවත්වනු ලබයි.

Trending

Exit mobile version