පුවත්

ගව රෝගය වයඹින් බස්නාහිරට!

Published

on

මේ දිනවල ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය බස්නාහිර පළාතටද ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි පැවසුවේ මේ වනවිට ශ්‍රී ලංකාවේ ගවයින් අතර සමේ ගැටති රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර විශේෂයෙන්ම වයඹ සහ උතුරු මැද පළාතේ සිට මධ්‍යම පළාත දක්වා පැතිරී ගොස් ඇති බවයි.

එමෙන්ම දැන් එය මධ්‍යම පළාතේ සිට බස්නාහිර පළාත දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණය වී ඇත.

ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කලේ මෙම වෛරසය ආසාදනය වූ ගවයින් හට සමේ ගැටති වලට අමතරව ආහාර ගැනීම අඩු වීම නිසා කිරි නිෂ්පාදනය අඩුවන අතර එම සතුන්ට ඇවිදීීමට පවා නොහැකි වී මිය යන බවයි.

ම‌ෙය ආර්ථික වශයෙන් හානිදායක රෝගයක් බවට පත්වීීම හේතුවෙන් කිරි නිෂ්පාදනය කරන්නන් විශාල ගැටලුවකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

එම නිසා මෙම වෛරස් රෝගය පාලනය කරගැනීම සඳහා වහාම ගවයින් එන්නත්කරණය සිදු කල යුතු අතර එය මධ්‍යම, වයඹ, ඌව වැනි කිරි නිෂ්පාදනය ඉහළ ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කිිිිරීමට බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බව එතුමා ප්‍රකාශ කර සිටියේය.

Trending

Exit mobile version