පුවත්

ගසක අත්තක් කඩා වැටී මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

Published

on

ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මිය ගොස් තිබේ.

මාතර මහ රෝහල සඳහන් කළේ, තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.

ඊයේ (01) රාත්‍රී 10.30ට පමණ රැඳවියන් රඳවා සිටින ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් සිටි බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කලහ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, මාතර, මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය මෙන්ම යුධ හමුදාව ද යොදවා ඇති බවට වාර්තා වේ.

Trending

Exit mobile version