Connect with us

පුවත්

ගස් විශේෂඥයෝ සඳුදාට ‌කොළඹට කැඳවයි

Published

on

කොළඹ නගරයේ තිබෙන වසර 30-35 කට වඩා පැරණි ගස් අතුරින් අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ගස් පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විශේෂ සාකච්ඡාවක් කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය විසින් කැඳවා තිබේ.

ඒ අනුව මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවන් සඳුදා (09) පැවැත්වෙන අතර, ඒ සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥයන්, වන සංරක්ෂණ ජනරාල් ඇතුළු ගස් වර්ග පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පිරිසක් එක් වන බව පැවසේ.

කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මේ කැඳවීම සිදුකර ඇත්තේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ උපදෙස් පරිදිය.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී පස් දෙනකුට මරු කැඳවමින් ඊයේ (06) සිදු වූ අවාසනාවන්ත අනතුරත් සමඟ කොළඹ නගරයේ එවැනි අනතුරුදායක ගස් ඉවත් කිරීමට අවධානය යොමු වී ඇති බව මේ අතර වාර්තා වේ.

ඒ ගස් කපා ඉවත් කිරීමට ගුවන් හමුදාවේ සහාය ගැනීමට අවධානය යොමුව ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය මාධ්‍යට පවසා ඇත.

ඊයේ (06) දිනයේම වනජීවී වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය සමඟද සාකච්ඡාවක් සිදු කළ බවත්, එහිදී අනතුරුදායක ගස් සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස තමා ඉල්ලීමක් සිදු කළ බවත් ඇය කියා සිටී.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට ඉදිරී වැටුණු පැරණි නුග ගස මීට මාස දෙකකට පෙර අතු කපාදැමූ ගසක් බවත් ඇය ‌හෙළිකර ඇත.

මෙවැනි අනතුරුදායක ගස් කපාදැමීමත් මෙවැනි ගස් පාලනය කිරීම කොළඹ මහා නගර සභාව විසින් සිදු කරන ඒ සඳහා පැය 24 පුරා කටයුතු කරන ඒකකයක් ඇය වැඩිදුරටත් අවධාරණ්‍ය කර තිබේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved