පුවත්

“ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නය ගැන බලන්න”

Published

on

ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතොත් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත නොවීම, අනන්‍ය වැටුප් නොලැබීම මෙන්ම රාජකාරී සදහා අයුතු බලපෑම් එල්ලවීම ආදී ගැටලු ග්‍රාම නිලධාරීන්ට මතුව තිබෙන්නේ යැයිද පසුගිය දිනවල ඔවුන් රාජකාරී නිවාඩු සහ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ යැයිද දිසානායක මහතා කීය.

ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියෝජිතයා වන ග්‍රාම නිලධාරී සේවය පැය අටකට සීමා වන්නේ නැතැයි ද ඔවුන්ගේ වෘත්තීය ගැටලු දිගු කාලයක් තිස්සේ විසඳී නැතැයි ද දිසානායක මහතා පැවසීය.

Trending

Exit mobile version