Connect with us

පුවත්

ග්‍රාම සේවකලාත් මාරුකරන්න තීරණය කරයි!

Published

on

එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට අනිවාර්යෙන් ස්ථානමාරු කිරීමට යටත් වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් හා අමාත්‍යාංශ අභියාචනා මණ්ඩලවලදී සලකා බලන ලද ස්ථානමාරු නොකිරීමට විශේෂ හේතුවක් ඇති නිලධාරීන් හැරුණු විට එක් ග්‍රාම නිලධාරී වසමක වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අනෙක් සියලු ග්‍රාම නිලධාරීන් ස්ථාන මාරු කිරීම අනිවාර්ය බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අදාළ උපදෙස් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලබා දී ඇත.

කෙසේවෙතත් ලබන 31 වන දිනට වසර 5 ක කාලයක් සම්පූර්ණ කළද වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග නිකුත්කර නොමැති නිලධාරීන් තවදුරටත් ග්‍රාම නිලධාරී වසම්වල සිටී නම් ඔවුන්ට ස්ථාන මාරු නියෝග නිකුත් කරන ලෙස ද අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී තිබේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved