ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේදී පසුගියදා (17) රාත්‍රියේ දෙදෙනෙකු ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් සිදුවූවක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම් වීදිය ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුකෙරුණේ ඊයේ රාත්‍රී 9:30ට පමණි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක් ඉලක්ක කරගනිමින් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණ අතර එම වෙඩිතැබීම අසල තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්වී තිබුණි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි නිපුන ලක්ෂාන් නොහොත් කොටියා නමැත්තෙක් සහ ශාන් අහමඩ් නමැති 37 හැවිරිදි පුද්ගලයින්ය.
ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු දෙදෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නිපුණ නමැත්තාගේ කණ්ඩායමට අයත් බවත් සේදවත්ත කසුන් නමැත්තාගේ මෙහෙයවීම මත මෙම වෙඩිතැබීම සිදුරක ඇති බවත් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
2023 වසරේ සේදවත්ත කසුන්ට අයත් වත්තල ප්‍රදේශයේ හෝටලයකදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමකට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මේ අතර සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනුණේ ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදීය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
සබැඳි පුවත්