Connect with us

පුවත්

ග්‍රීක බැඳුම්කර මගඩියට කබ්රාල්ට යළි නඩු

Published

on

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක ඇතැයි,දැන දැනම එරට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. මිලියන 1843 කට අධික මුදලක් පාඩු කළැයි චෝදනා කරමින්,හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

 ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු 1,843,267,595.00ක පාඩුවක් සිදු කරමින් දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කරන ලදී.

ඒ අනුව අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්,  හිටපු මහ බැංකු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, කන්කා නම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චින්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න යන අය චූදිතයන් ලෙස නම් කරමින් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

2012 වසරේදී ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි එකසිය 184 කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලබා සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබු නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය මැයි 31 වන දින  නියම කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබුණි.

කෙසේවෙතත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම ධුරයට පත් කිරීමටත් පෙරම අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රයට අත්සන් තැබීම මත විත්තිකරුවන්ට එරෙහි මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව තීරණය කරමින් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනාම නඩුවෙන් නිදහස් කිරීමට එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.

මෙම නියෝගය වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව යළිත් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබේ.

පුවත්

දේශබන්දුට මාතරින් නියෝගයක්

Published

on

By

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

By

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved