ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන ඇතැයි අද දෙරණ වාර්තා කර තිබේ.
පානදුර ප්‍රදේශයෙන් සිදුවීම වාර්තාවන අතර ආපනශාලා සේවකයන් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.
පානදුර ප්‍රදේශයේ ආපන ශාලාවකට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊයේ (01) රාත්‍රියේ පැමිණ එහි ආහාර ගෙන තිබුණි.
එම ආහාර සඳහා ඔවුන්ගේ බිල රුපියල් 1,650 ක් බවද පැවසේ.
එහිදී සමන් ද සිල්වා මහතා සහ ආපන ශාලාවේ සේවකයන් පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් වූ බවත් ඉන් පසු බිල නොගෙවා පිටව යාමට ඔහු ඇතුළු පිරිස උත්සාහ කර ඇති බවත් වාර්තා වේ.
එම අවස්ථාවේදී බිල ගෙවීම ප්‍රතික්ෂේප කළ සමන් ද සිල්වා මහතා ආවේගශිලීව හැසිරී ඇතැයි පැවසේ.
සිද්ධියෙන් ආපන ශාලාවේ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එහි භාණ්ඩවලට හානි සිදුව තිබුණි.
මෙම සිද්ධියට මුහුණ පෑ එම ආපනශාලාවේ මුදල් අයකැමිවරයා සහ වේටර්වරයා පානදුර දකුණ පොලිසීයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට සමන් ද සිල්වා මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප ශ්‍රී ලංකා මිරර් උත්සාහ කළ ද ඒය ව්‍යර්ථ විය.