පානදුර හෝටලයක ඉකුත් පළවැනිදා රාත්‍රියේ ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිි ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනිමට අද (03) එකගවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .
එම මුදල් ලබාගැනීම සදහා පැමිණිලි පාර්ශවයද එකගත්වය පලකර පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්බවද පොලිසිය කීය.
පැමිණිලි පාර්ශවය මුදල් ලබාගැනීමෙන් පසු පැමිණිල්ලක් තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම් දීමෙන් පසු පොලිසිය විසින් දෙපාර්ශවයට අවවාද කර ඔවුන් පිටත්කර යවා ඇත.
ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා ඉකුත් 01 දා රාත්‍රි මිතුරන් පිරිසක් සමග පානදුර වලාන ප්‍රදේශයේ අවන්හලකට ගොස් පරාටා, කොත්තු සහ කුකුළු මස් මිළදී ගෙන ආහාරයට ගෙන ඇත.
ඉන් පසු බිල්පත නිරවුල් කිරීමේදී ඇතිවූ කතාබහකින් පසු එහි මුදල් අයකැමිවරයාට සහ වේටර් වරයෙකුට පහරදී ප්ලාස්ටික් පුටු දෙකකට හානිකර ඇති බවට පැමිණිල්ලේ සදහන් බව පොලිසිය කීය.
පැමිණිල්ල විභාග කිරීම සදහා අද (03) පෙවරුවේ දෙපාර්ශවය පානදුර දකුණ පොලිසියට කැදවා තිබුණි.
සිද්දිය සම්බන්දයෙන් අදහස් දැක්වූ සමන් ද සිල්වා මහතා සදහන් කළේ එය මාධ්‍ය මගින් ප්‍රචාරය කල පරිදි සිදුවීමක් නොවන බවත් රුපියල් 25,000 ක් ලබාදී දෙපාර්ශවය සමතයකට පත්වූ බවත්ය.
සබැදි පුවත්
ගායක සමන්ද සිල්වා කාලා බිල නොගෙවා හෝටලයක් කැඩුවයි චෝදනාවක්