පුවත්

ගාල්ලේ ජනපති ශිෂ්‍යත්ව ප්‍රදානය සුළගට හසුවෙයි

Published

on

“ජනාධිපති ශිෂ්‍යත්ව – 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ.

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන අද (15) දින ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබිණි .

ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ ඉදිකර තිබූ කුටි ද සුළඟට හසු වී කඩාගෙන ගොස් තිබිණි.

එක්සත් ජාතික  පක්ෂ සභාපති ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබූ අතර මෑත දිනයකදී යළි එම වැඩසටහන පවත්වන බව අබේවර්ධන  මහතා සඳහන් කළේය.

මූලාශ්‍රය – ලංකාදීප 

Trending

Exit mobile version