ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 කට විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු සහිත ස්මාර්ට් පන්තිකාමර ලබා දීමේ ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් – ගෝපාල් බාග්ලේ මහතා හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් – එම්.එන්.රණසිංහ යන මහත්වරු රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට පැමිණ තිබේ.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් යන මහත්වරු ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහූ ද සහභාගී වූහ.
අඩු වරප්‍රසාද සහිත ප්‍රදේශවල පිහිටි පාසල්වල අධ්‍යාපනය ලබන සිසුසිසුවියන් ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම අරමුණු කරමින් ඉන්දීය රජයේ ආධාර හරහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුකරන එක් ප්‍රධාන ව්‍යාපෘතියක් බව කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.