පුවත්

ගාල්ලේ මුහුදෙන් ඇල්ලූ දෙවැනි කුඩු තොගයේත් කුඩු තමිල්ගේ

Published

on

ගාල්ලට නුදුරු ගැඹුරු මුහුදේදී පිට පිටම දෙවැනි වරටත් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 450 ක් වටිනා හෙරොයින් තොගය ද දෙවුන්දර කුඩු තමිල්ට අයත් ඒවා බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මීට දින කීපයකට පෙර ද නාවික හමුදාව මගින් දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400 ක හෙරොයින් තොගය කුඩු තමිල් විසින් මෙරටට ඒවා තිබූ බව පොලිසිය පවසයි.

ගාල්ලට නුදුරු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින්වල බර කිලෝග්‍රෑම් 225 ක් වන අතර එම හෙරොයින් රැගෙන එමින් සිටි මෙරට හෙරොයින් ජාවාරම්කරුවන් පස්දෙනකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව කුඩාවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් වන අතර සැකකරුවෝ 05 නො දෙවුන්දර, මාතර, කුඩාවැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රාජ්‍ය බුද්ධි ඒකකය විසින් මීට සති 3 කට පමණ පෙර කළ විමර්ශනයකදී මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබිණි. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය පැටවූ ධීරව යාත්‍රාව පිළිබඳව නාවික හමුදාවට තොරතුරු ලබා දී තිබිණි. නාවික හමුදාව සිදු කළ විමර්ශනවලදී මෙම ධීවර යාත්‍රාව හෙරොයින් තොගය සහ සැකකරුවන් සමග අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මෙම හෙරොයින් තොගය ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවට සැක පහළ කරයි. හෙරොයින් සමග ධීවර යාත්‍රාව කොළඹ වරාය වෙත ඊයේ පෙරවරුවේ රැගෙන ආ බව නාවික හමුදා ආරංචි මාර්ග පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව විමර්ශන පවත්වාගෙන යයි.

(දිවයින)

Trending

Exit mobile version