පුවත්

ගාල්ලේ IPගේ වෙඩි තැබීමට සම්බන්ධ පාතාලයා STF වෙඩිපහරින් මරුට

Published

on

මීටියාගොඩ, තෙල්වත්තේදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා පාතාල සාමාජිකයකු අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ පාතාල සාමාජිකයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

වයස අවුරුදු 42ක පමණ පුද්ලයෙක් එලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

පාතාල සාමාජිකයෙක් බවට සැක පුද්ගලයෙක් එම ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණි.

එම අවස්ථාවේ දී නිවසේ සැඟව සිටි සැකකරු විශේෂ කාර්ය බළකායට පිස්තෝලයකින් වෙඩිතබා ඇත.

එම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරුට වෙඩිවැදී ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා, පසුගිය දා ගාල්ල, කරාගොඩ ප්‍රදේශයේ දී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කළ හිටපු පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතාගේ ඝාතනයේ ද සැකකරුවෙක් බව ද පොලීසිය පවසයි.

Trending

Exit mobile version