අධිකරණය විසින් ගාල්ල බන්ධනාගාරය වෙත යොමු කරන රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිරගොස් ඇති රෝගයක් හේතුවෙන් එම බන්ධනාගාරයේ කටයුතු සති දෙකක කාලයකට සීමා කර ඇති නිසා මෙම තීරණයට එළඹි බව එහි උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා ඇත.
ඒ අනුව බලපිටිය, ඇල්පිටිය, ගාල්ල, උඩුගම සහ බද්දේගම අධිකරණවලින් බන්ධනාගාරගත කරන රැඳවියන් එලෙස අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කරන බවත් එම රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
සබැඳි පුවත් :
ගාල්ල බන්ධනාගාරයේ සෞඛ්‍යමය හදිසි තත්ත්වයක්! (Update)