පුවත්

ගාල්ල බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු මරුට ; හේතුව මාරාන්තික බැක්ටීරියාවක්?

Published

on

ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමග උණ පැතිරීමේ අවදානමක් ඇති බව වාර්තා වේ.

පසුගිය දින කිහිපයේ දී ගාල්ල බන්ධනාගාරයෙන් එවැනි රෝගීන් කිහිප දෙනකු වාර්තා වී ඇති අතර දැනට කරාපිටිය රෝහලට ඇතුලත් කළ මෙම රෝග ලක්ෂණ සහිත රැඳවියන් දෙදෙනකු මියගොස් තිබේ. ඉන් එක් අයකු බන්ධනාගාරයෙන් නිදහස් වී දින කිහපයකට පසු අදාළ රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහලගත කර ඇතැයි පැවසේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අද (21) සවස් වනවිට තවත් රෝගීන් දෙදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, මෙය මෙනින්ගොකොකල් (Meningococcal) නමැති මාරාන්තික බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන්නක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍යවරුන් සැකකරන බවට පැවසේ.

මෙම බැක්ටීරියාව දරුවන්ට වඩාත් හානිකර වන අතර, මත්ද්‍රව්‍ය භාවිත‍ය හේතුවෙන් සෞඛය තත්වය දුර්වල වූ පුද්ගලයන්ට ද මෙය මාරාන්තික බව වෛද්‍යවරුන්ගේ මතයයි.

එබැවින් මෙම රෝග ලක්ෂණ ඇති රෝගීන් සමග කටයුතු කිරීමේ දී මුඛ ආවරණ පැළඳ සිටින ලෙස ද මේ වනවිට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.

Trending

Exit mobile version