පුවත්

ගාලු කොටුවේ මාර්ගයේ කොටසක් ගිලා බසී

Published

on

ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් විදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ගිලා බැස තිබේ.

අඩි පහක පමණ විෂ්කම්භයකින් යුක්ත අඩි දහයක කොටසක් මෙලෙස ගිලා බැස ඇත.

ගිලා බැස ඇති කොටසේ ගැඹුර අඩි පහක් පමණ වන බව වාර්තා වේ.

මේ හේතුවෙන් රැම්පාට් විදියේ ගිලා බැස ගිය කොටස වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබේ.

රදේශවාසීන් පවසන්නේ, මින් පෙර මෙම ස්ථානයේ ගිලා බැසීමේ සලකුණු තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවිටක් දැනුවත් කළ බවය.

Trending

Exit mobile version