පුවත්

ගාලු මුවදොර පිටියේ මළසිරුරක්

Published

on

ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුවී ඇත.

මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45 වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙකු බවත් පොලිසිය පවසයි.

පසුගිය 27දා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන සිට නිවසට පැමිණ ඇති අතර මොහු, ඊයේ (28) උදෑසන නිවසින් පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර, කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Trending

Exit mobile version