පුවත්

ගාලු වරායේ දී ජැටියෙන් වැටී විදෙස් ජාතිකයෙක් මරුට

Published

on

විදේශිකයෙකු ගාල්ල වරායේදී ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකි.
සිංගප්පූරුවේ සිට අබුඩාබි දක්වා ගමන් කරමින් තිබු නෞකාවක් සැපයුම් ලබාගැනීම සඳහා ගාලු වරායට පැමිණි අවස්ථාවේ දී අදාළ පුද්ගලයා වරායේ ජැටියට බැසීමට උත්සාහ කිරීමේ දී ඔහු මුහුදට වැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.

පසුව ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version