Connect with us

පුවත්

ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදක්වයි

Published

on

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස, ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම 2024 ඔක්තෝබර් මස 31 වන දින එම කාර්යාලයේදී සිදුකර තිබේ .

2024 අංක 7 දරණ ජල ශාස්ත්‍රීය පණත මඟින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වෙත පැවරූ ජාතික වගකීම ඉටුකිරීම සනිටුහන් කරනු ලබන මෙම ගාලු වරායේ විද්‍යුත් සිතියම එළිදැක්වීම මඟින්, ඊට පෙර භාවිතා කළ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් 1907 වර්ෂයේ ප්‍රකාශයට පත් කර ඇති, ඉතා පැරණි දත්ත සහිත අංක GB500819 දරණ ගාලු වරායේ විද්‍යුත් සිතියම භාවිතයෙන් ඉවත් වෙන බව සඳහන්ය .

එමෙන්ම, 1907 වර්ෂයේදී එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් නිකුත් කර ඇති ගාලු වරායේ පැරණි විද්‍යුත් සිතියම අවම නිරවද්‍යතාවයක් ඇති දත්ත සහිත සිතියම් වර්ගීකරණයට (CATZOC ‘C’) අයත් වන අතර, ඒ හේතුවෙන් ගාලු වරාය වෙත නෞකා ඇතුළු වීමද සීමා වී තිබේ .

කාලීන අවශ්‍යතාවයක් සපුරමින් එළිදැක්වුණු මෙම ගාලු වරායේ නව විද්‍යුත් සිතියම මඟින්, නාවිකයන්ගේ ගිලිහුණු විශ්වාසය නැවත දිනාගැනීමට අවස්ථාව උදාවනවා පමණක් නොව 1979 වර්ෂයේ මුහුදේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සම්මුතිය මඟින් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටුකිරීමටද හැකියාව ලැබෙනු ඇති බව සඳහන් වේ .

නාවිකයන් හට නාවික ගමනාගමනය සඳහා මුද්‍රිත නාවික සිතියමක් වෙනුවට පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම විද්‍යුත් සිතියම අංක LK5G04A1 යටතේ නිකුත් කර ඇති අතර, මෙම සිතියම් භාවිතා කරන සෑම නෞකාවක් වෙතින්ම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 25 ක දායක මුදලක් ද ලැබෙන බැවින්, දිවයිනේ ජාතික ආර්ථිකයට විදේශ විණිමය රැගෙන ඒමටද මෙම විද්‍යුත් සිතියම් නිර්මාණය කිරීම තුලින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයට හැකියාව ලැබෙන බවයි සඳහන් වේ .

තවද, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් මෙරට වරාය සහ වරාය පිවිසුම් වෙනුවෙන් විද්‍යුත් සිතියම් නිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ ගාලු වරායේ විද්‍යුත් සිතියම එළිදැක්වීම සිදුකෙරුණු අතර, කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව, පසුගිය 2023 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ප්‍රධාන නෞකා ගමන් මාර්ගය ඔස්සේ නෞකා 40000 ක පමණ ප්‍රමාණයක් ගමන් කර ඇති බැවින්, එම විශාල නෞකා ගමනාගමනයද සැලකිල්ලට ගනිමින්, ගැඹුරු මුහුදේ නාවික ගමනාගමනයට අවශ්‍ය විද්‍යුත් සිතියම් නිර්මාණය කර ඉදිරියේදී එළිදැක්වීමට ද ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය අපේක්ෂා කරයි .

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved