විදෙස් රටවල් 07ක පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගාස්තු අය කිරීමකින් තොරව වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි පිළිබඳව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
අංක 23/1885/602/023 දරන 2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන මෙම නියමු වැඩසටහන යටතේ, 2024 මාර්තු 31දා දක්වා චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.