Connect with us

පුවත්

ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය

Published

on

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.  

කැබිනට් අමාත්‍යවරුන්, හමාස් සංවිධානය සමග ගිවිසුම්ගත වීමට සිය අනුමැතිය ලබාදුන්නේ පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත.

ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.

යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සැලකෙන මෙම සටන් විරාමය හරහා, සති හයක කාලයක් තුළ ගාසා හි රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධනාගාර වල රඳවා සිටින සියළුම පලස්තීන කාන්තාවන් සහ දරුවන් නිදහස් කෙරේ.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද අලුයමද, ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පලස්තීනුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඒ අනුව සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරුණු පසුගිය බදාදා දිනයේ සිට මේ දක්වා මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසේ.

ඊජිප්තුව සහ අමෙරිකාවේ මැදිහත්වීමෙන් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පැවති සාම සාකච්ඡා වලින් පසු මෙම සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරිණ.

නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙරේදා ප්‍රකාශ කළේ, හමාස් සංවිධානය විසින් ඇතැම් කොන්දේසි වෙනස් කිරීමට උත්සහ දරණ බැවින් ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම කල් දමන බවයි.

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved