පුවත්

ගැබිනි බිරිඳව ඝාතනය කළ සැමියා, හිසත් රැගෙන පොලිසි යයි

Published

on

සැමියා විසින් සිය ගැබිනි බිරිඳගේ හිස කඳින් වෙන්කොට හිස කොටසද රැගෙන පොලිසියට ගොස් භාර වී ඇතැයි වාර්තා වෙයි.

වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේදී අද (03) උදෑසන මෙම අපරාධය සිදුකර තිබේ.

ඇති අතර සැකකාර සැමියා ඝාතනය සඳහා යොදාගත් පිහිය සහ හිස කොටස රැගෙන පුලියන්කුලම පොලීසියට පැමිණ භාරවී ඇත.

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන, ඝාතනය කළ කාන්තාවගේ සිරුර ලඳු කැලෑවක් අසල තිබීයදී සොයාගෙන තිබේ.

සිද්ධියෙන් ඝාතනයට ලක්වූ කාන්තාව නොච්චිකුලම ප්‍රදේශයේ ගුරුවරියක් වන 32 හැවිරිදි සුගීර්තරන් ස්වර්ණලතා නැමැති කාන්තාවකි.

සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට පවුල් ආරවුලක් පැවත ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version