Connect with us

පුවත්

ගැබිනි මව්වරුන්ට ඇමෙරිකාවෙන් ටොන් 2ක පෝෂණ අතිරේක

Published

on

ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අවදානමක සිටින ගැබිනි කාන්තාවන් ලබාදීම වෙනුවෙන්න් හදිසි අවශ්‍ය පෝෂණ අතිරේක ටොන් 2කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමෙරිකෙයාර්ස් ආයතනය කටයුතු කර තිබේ.

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ඉල්ලීමකට අනුව ඇමෙරිකෙයාර්ස් ආයතනය මෙම පරිත්‍යාගය කර තිබේ. එම ආයතනය සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන ආයතනයකි.

ගැබිනි කාන්තාවන්ගේ පෝෂණ සෞඛ්‍යයට සහය වීමට සහ ළදරුවන්ගේ උපත් ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බහු-පෝෂක අතිරේක අතිශයින් අවශ්‍ය වෙයි. පරිත්‍යාග කරන ලද පෝෂණ අතිරේකවලින් ගර්භනී කාන්තාවන් 16,000 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන්, Americares විසින් පෝෂණ අතිරේක ටොන් 2 කට වැඩි ප්‍රමාණයක් අඩංගු නැව්ගත කිරීම 2023 පෙබරවාරි 24 වන දින කොළඹට පැමිණ ඇත.

“රටේ ජාතික පෝෂණ අතිරේක අත්‍යාවශ්‍ය මොහොතක, අපේ රටට සහය වීමට Americares සංවිධානය දරන ත්‍යාගශීලි උත්සාහය පිළිබඳව අපගේ අවංක ප්‍රශංසාව සහ කෘතඥතාව පළ කරනවා,” තානාපති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

මීට අමතරව, පරපෝෂිත පණු ආසාදනවලින් පෙළෙන රෝගීන්ට ප්‍රිතිකාර කිරීම සඳහා ඖෂධ ටොන් 1කට ආසන්න ප්‍රමාණයක් අඩංගු දෙවන නැව්ගත තොගය Americares විසින් ලංකාවට මෑතකදී භාර දෙන ලදී. මෙම පරිත්‍යාගය රෝගීන් 227,000 කට වැඩි පිරිසකට ප්‍රිතිකාර කිරීමට උපකාරී වේ. “මෙම ඖෂධ  ලංකාව තුළ හිඟයක් පවතින අතර, Americares වෙතින් අපට ලැබුණු පරිත්‍යාගයේ රෝගීන්ට, විශේෂයෙන් ළමයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වහාම භාවිත කරන ලදී,” තානාපති සමරසිංහ පැවසීය.

හදිසි අවස්ථා සහ අඛණ්ඩ අවශ්‍යතා සඳහා ප්‍රතිචාර වශයෙන් ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ සහන ද්‍රව්‍ය බෙදා හැරීම ඇතුළුව ලංකාවට ආධාර සැපයීමේ දිගු ඉතිහාසයක් Americares සංවර්ධන සතුව ඇත.

Americares යනු දරිද්‍රතාවයෙන් හෝ ව්‍යවසනවලින් පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කරන සහ සෞඛ්‍යය වැඩි දියුණු කරන සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන සංවිධානයකි. මෙය වසර 40 කට පෙර ස්ථාපිත කර ඇති අතර  ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 164 කට ඩොලර් බිලියන 22 කට අධික ආධාර ලබා දී ඇත.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved