පුවත්

ගෑස් මිලේ වෙනසක්?

Published

on

ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවය.

මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව පසුගිය ජුනි මස 4 වන දින අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් කරන ලදී.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩුකිරීමට පියවර ගනු ලැබු අතර ඒ අනුව එහි වර්තමාන මිල රුපියල් 3,790කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් පහත දැමුණු අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් පහත දැමීම සිදුවිය.

Trending

Exit mobile version