පුවත්

ගිංතොට ප්ලයිවුඩ් අධ්‍යක්ෂකට ලක්ෂ 75ක දඩයක්

Published

on

බදු නොගෙවා පැහැර හැරියේ යැයි පවසන ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්‍යක්ෂ යසසිරි කස්තුරි ආරච්චිට රුපියල් ලක්ෂ 75ක දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා ඊයේ (18) නියෝග කලේය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, අදාල දඩය නොගෙවන්නේ නම් මාස 6ක ලිහිල් සිර දඬුවම් නියම් කරන බවයි.

ආදායම් බදු හා ජාතිය ගොඩනැගීමේ බද්ද නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවේ තීන්දුව නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

2006 හා 2008 වසර සඳහා ගෙවිය යුතු ආදායම් බදු වන රුපියල් 846078ක් හා 2015 වසර සඳහා ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බද්ධ වන රුපියල් 6656610.00 නොගෙවා පැහැර හැරීම වෙනුවෙන් මෙම දඩය නියම කෙරුණි.

අදාල දඩ මුදල ලබන 25 වෙනි දින අධිකරණයේ තැන්පත් කරන ලෙසද නියෝග කරන ලදී.

Trending

Exit mobile version