පුවත්

ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

Published

on

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට තිබේ.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබුණි.

පොලීසිය සඳහන් කළේ මෙම වැටලීමේදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 05ක්, වෙල්ඩින් ප්ලාන්ට් 01ක් සහ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 63ක් වන පාලටුව, මාලිම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙලෙස නිපදවූ ගිනිඅවි 02ක් මුදලට අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබේ.

පසුව අහංගම පොලිස් වසමේදී මෙලෙස විකුණන ලද ගිනිඅවි 02 සමග අවි මුදලට ගත් සැකකරුවන් දෙදෙනා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ සැකකරුවන් අවුරුදු 47 හා 54 වයස්වල පසුවන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වේ.

සැකකරුවන් සහ දේපොළ මාතර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version