පුවත්

ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවය.

විගණනයෙන් පසු හඳුනා ගන්නා පුද්ගලයින්ට යළි ගිනි අවි භාරදීමට පියවර ගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් කඩිනමින් භාරදෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කලේය.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්ෂ නායකයන්ට, දේශපාලන සංවිධානවලට මෙන් ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ටද ජීවිත ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත් කර තිබූ පිස්තෝල, රිවෝල්වර් හා පතරොම් තුවක්කු දෙසැම්බර් මස 30 වන දිනට පෙර ළඟ ම තිබෙන පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දීමක් නිකුත් කලේය.

Trending

Exit mobile version