Connect with us

පුවත්

ගිය මාස තුනේ අවස්ථා 10කදී ගුවනින් යැවූ මැණික් අතුරුදහන්!

Published

on

පසුගිය මාස තුන තුළ ශ්‍රී ලංකා ගුවන් තැපෑල හරහා විදේශ රටවලට යවන ලද මැණික්  අවස්ථා දහයකදී පමණ අතුරුහන්ව තිබේ.

පොලිසිය, තැපැල් දෙපාර්තමේන්තුව හා ගුවන් තොටුපළ එක්ව  පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියයි.

පසුගිය තෙමස තුළ  මෙසේ විදේශ රටවලට යැවීමට ගුවන් තොටුපළ හරහා යැවූ මැණික් පාර්සල් අදාළ විදෙස් ගමනාන්ත කරා ගොස් තිබුණද, එම පාර්සල්වල තිබූ මැණික් අතුරුදන්වීම් සම්බන්ධ පැමිණිලි ලැබී තිබේ.

මෙම වංචාව යම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදු කර ඇති බවට දැනට තහවුරු කරගෙන ඇති අතර, අතුරුදන් ඇතැම් මැණික්ගල්වල වටිනාකම ඉතා ඉහළ බවද වාර්තා වේ.

ලංකාවේ මැණික් ව්‍යාපාරිකයන් විසින් ශ්‍රී ලංකා ගුවන් තැපෑල හරහා විදෙස්ගත කිරීමට මසකට මෙවැනි මැණික් ගල් ඇතුළු පාර්සල් 200 ක් පමණ යවා ඇති බව පැවැසූ තැපැල්පතිවරයා අතුරුදන් මෙම මැණික්වල වටිනාකම තවමත් තහවුරු කරගෙන නොමැති බවත්, එය අධික වටිනාකමින් යුතු බවට අනුමාන කරන බවද පැවැසීය.

මෙසේ අතුරුදන් වූ බවට පැමිණිලි ලැබුණු මැණික් ගල් ඇමරිකාව, චීනය, කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවලට යැවූ ඒවාය.

මෙවැනි භාණ්ඩ රක්ෂණය කිරීමකින් යුතුව යැවූවද එය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ගුවන් තොටුපළ බිම් කාර්ය මණ්ඩලයට බවත්, එසේ තැපැල් භාණ්ඩ ආරක්ෂිතව යැවීමේදි ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සිය සම්පූර්ණ සහයෝගය ලබා දුන්නද, මෙය යම් සංවිධානාත්මක පිරිසක් විසින් සූක්ෂමව සිදු කරන්නට ඇති බවත් තැපැල්පතිවරයා පවසයි

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved