පුවත්

ගුණසිංහ සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වේ

Published

on

ශ්‍රී ලංකා මහ‌ජන වතු සේවක සංගමයේ හිටපු සභාපති ගුණසිංහ සූරියප්පෙරුම මහතා අද (30) අලුයම අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 77 වියේ පසුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය ආසනයේ හිටපු සංවිධායකවරයකු ද වන ඔහු කඳපොල මහින්ද මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

මධ්‍යම පලාත් සභා මන්ත්‍රිවරයකු හා නුවරඑලිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස ද සේවය කර ඇති සූරියප්පෙරුම මහතා, ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසියේ දිවංගත විජය කුමාරණතුංග මහතා සමග ශ්‍රී ලංකා මහජන පක්ෂයෙනි.

එම මහතා, බැංකු කිහිපයකම විධායක තනතුරු හා රාජ්‍ය ආයතන කිහිපයකම වගකීම් දරා ඇති ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වු සේන සුරියප්පෙරුම මහතාගේ වැඩිමල් සොයුරාය.

ගුණසිංහ සූරියප්පෙරුම මහතාගේ අවසන් කැමැත්ත අනුව අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීමට පවුලේ ඥාතීන් තීන්දු කර ඇති අතර, ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) සවස 4ට නුවරඑළිය නාගරික සුසාන භූමියේදී සිදු කරනු ලබයි.

Trending

Exit mobile version