මින් පසුව පාසල් පන්ති කාමරයට යවන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර හතරක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (24) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කරමිනි.
අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය :
“ගුරු සේවයට බඳවා ගන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. දුෂ්කර පළාත්වල ගුරු හිඟය සපුරා ගැනීම සඳහා ඩිප්ලෝමා ලබපු අයත් සලකා බලා තිබුණා. මීට පසු අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ වෙනස් ක්‍රමයකට. පීඨ දහනවය එකතු කරලා ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය බිහි කරනවා. මේකෙ අවුරුදු 4ක උපාධිය සහ ගුරු පුහුණුවෙන් පස්සේ තමයි පාසලේ පන්ති කාමරයට යවන්නෙ. ගුණාත්මකභාවයෙන් යුතු ගුරුවරයකු හදනවා.”