පුවත්

ගුරු පුරප්පාඩු 40,000 ක්

Published

on

මේ වන විට දිවයින පුරා පාසල්වල ගුරුවරුන් 40,000ක පමණ හිඟයක් ඇතැයි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියයි.

බස්නාහිර පළාතේ  7000ක් පමණ පිරිසක්ද, උතුරුමැද පළාතේ 3800ක්ද, නැගෙනහිර පළාතේ 3698ක්ද, දකුණු පළාතේ 3199ක් සහ මධ්‍යම පළාතේ 6200ක පමණ ගුරු හිඟයක් පවතින බව පැවසේ.

බස්නාහිර පළාත සඳහා අවස්ථා දෙකකදී පත්වීම් ලබා දීමේ උත්සව පවත්වා බඳවාගත් 2200ක පමණ පිරිසක් තවමත් විධිමත් ලෙස ස්ථානගත කර නොමැති අතර, මෙම තත්ත්වය යටතේ ඉදිරි පාසල් වාරය ආරම්භ වන විට සිසුන්ට විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති වන අතර, රජයේ වියදම් අවම කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බැවින් නිසි පරිදි ගුරුවරුන්ට පත්වීම් ලබා දීම කල් දමමින් සිටින බවද ඔහු සඳහන් කළේය. 

අලුතින් ගුරුවරුන් බඳවා ගන්නවා තබා 2024 වසර සඳහා ජාතික පාසල්වලට ස්ථානමාරු අයැදුම්පත්‍ර ලබා දීමට හෝ මෙතෙක් පියවර ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version